Thursday, January 30, 2014

මරණය

ජීවිතයේ දහස් වරක් මිය ගිය මට
අමුත්තක් නොවේ මරණය..
නොයෙක් විටදි මට සිතුණෙය.
"මරණය වඩා හොඳය"
මැරෙන්ඩ බය උඹලා
පව් කළ අය.
මැති ඇමතියො
මුදලාලිල.


-නොමියෙමි

Sunday, January 12, 2014

මම...


"මම"
නමැති හුය දිගේ ගිය හොතින්
එහි මුල තෙක් ම මනසින්
එවිට තොපට පැහැදිලි වෙයි
ආවා වාගේ ම සිතට පළමුවෙන් ම
"මම"
අවසානය තෙක් ම රැඳී සිටින්නේත් එය බව...

Friday, January 10, 2014

ඔබේ අදහසත් කියන්න...

සේකරයන්ගේ විශිෂ්ඨ සංකල්පනාවක්...
සංකීර්ණ ජීවන දහමක සරල පහදා දීමක්...
ජීවිතයේ අගය... දුලභ මිනිසත්කම ප්‍රකාශ කරන්නක්...
ඔබේ අදහසත් කියන්න...


"රාගයෙන් කතක් දෙස
බලන කවරෙක් වුවද
එවෙලේම ඈ සමග
සිතින් රමණය කරයි..."


ප්‍රබුද්ධ | මහගම සේකර


තට්ටු දෙකේ බස්...

තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ළමයින්
රංචු ගැගී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා...

තවකල් යන කොට අම්මේ
මේ වගේ
තට්ටු දහය පහළොව ඇති
බස් ඒවිද අපිට යන්න...?

එතකොට අපි 
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඬ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා...


ළමා ගී | මහගම සේකර

මා මළ දවසක...

මා මළ දවසක
සීතල මළ කඳ
ඔබගේ තුරුළෙහි
උණුසුම් කළ මැන

දෙතොලින් දෙතොලට
උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම යළි
මා බිහි කල මැන

මව්නි,
පොරණ ඔබ රණ විරු දරුවන්
වැළලුනු මේ මිණි දෙරණේ
ඔවුනගේ සිරුරත ලේ මස් නහරිනි
මගේ හදවත පණ ගැසුණේ

උපතින් දෙවියන් මරණින් එකලෙස
ඔබගෙන් මා ලඳ උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නො දැනේ...


- මහගම සේකර -

සේකර නො පළ කවි...

මරදානේ දුම්රිය අංගනයේ රේල් පීලි මැද
අරලිය පදුරක මල් පිපිලා
කිසිවෙකු හට එය නො පෙනේ
ගහ අතු කොළ මල් සියල්ල
දුම් ගැහිලා අඟුරු කුඩු වැලින් කළු පාට ව
යකඩ පාට ගහ පුරාම
මල් කළු වී
එහි යම් සුවඳක් ඇතැයි සිතේ
එනමුත් ඒ මට නො දැනේ
දෙදරවාගෙන කළු ගල් තාප්ප යකඩ පීලි
ඝෝෂාවයි දාඩිය ගඳ, මර හඬ දී
නැවතී එක පාරට
මිනිස්සු බැස දිවගෙන යති...


- මහගම සේකර -
...
දස මසක් කුස දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබය
කෙළවරක් නැති දුක් දරා විඳ
මා ලොවට හැදු අම්මා ඔබය

නො දත්තෙමි මම එකළ
අම්මේ ඔබේ වත කැඩපතක් බව
මෙකළ මා සිත පිළිබිඹු කරන
ගිලී ගිය ඇස් කුහර තුල

ඉපයුයෙමි මම මුදල්
ඉපයුයෙමි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවෙකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්
වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍යය
නො ලබාම ඔබ ඒ කිසිවක්...?


ප්‍රබුද්ධ | මහගම සේකර
සැඩ සුළං වැල් හමා
අකුණු විදුලිය කොටා
මහා වැහි වළාවක්
හදිසියෙන් ඇද හැලිණ

කාලයෙන් කාලයට
පරපුරෙන් පරපුරට
ලොව පැවති දා පටන්
මෙතෙක් සුවහස් ගණන්
පෙම්වතුන් විසින් ලූ
උණු කඳුළු කැටි වලින්
වැසි බිංදු ගොඩ නැගී
ඇතැයි මට සිතිණි...


සක්වා ලිහිණි | මහගම සේකර

මල් වැහි...

මැණිකේගේ පැල ලඟින් මා යන වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල් වලාවේ
ඒකයි පැළට ආවේ සිහි මුළාවේ
වැහපන් හෙටත් මල් වැහි ඒ වෙලාවේ


සක්වා ලිහිණි | මහගම සේකර