Friday, January 10, 2014

සැඩ සුළං වැල් හමා
අකුණු විදුලිය කොටා
මහා වැහි වළාවක්
හදිසියෙන් ඇද හැලිණ

කාලයෙන් කාලයට
පරපුරෙන් පරපුරට
ලොව පැවති දා පටන්
මෙතෙක් සුවහස් ගණන්
පෙම්වතුන් විසින් ලූ
උණු කඳුළු කැටි වලින්
වැසි බිංදු ගොඩ නැගී
ඇතැයි මට සිතිණි...


සක්වා ලිහිණි | මහගම සේකර

No comments:

Post a Comment