Friday, January 10, 2014

මා මළ දවසක...

මා මළ දවසක
සීතල මළ කඳ
ඔබගේ තුරුළෙහි
උණුසුම් කළ මැන

දෙතොලින් දෙතොලට
උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම යළි
මා බිහි කල මැන

මව්නි,
පොරණ ඔබ රණ විරු දරුවන්
වැළලුනු මේ මිණි දෙරණේ
ඔවුනගේ සිරුරත ලේ මස් නහරිනි
මගේ හදවත පණ ගැසුණේ

උපතින් දෙවියන් මරණින් එකලෙස
ඔබගෙන් මා ලඳ උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නො දැනේ...


- මහගම සේකර -

No comments:

Post a Comment